දහම් ගැටළු

සෑම මසකම පැවැත්වෙන සති භාවනා වැඩසටහනට ඔබත් සහභාගී වී නිබ්බාන වන්න. නිවන් දොරටුව විවර කර ගන්න. සතියක් මුළුල්ලේ පැවැත්වෙන මෙම වැඩසටහනට නේවාසික පහසු කම්, ආහාර පාන නොමිලේ සපයනු ලැබේ. ප්‍රමාද නොවන්න. අදම සහභාගී වන්න.

email (විද්‍යුත් තැපැල්)

2015 වසරේ සිට ගුවන් විදුලිය සහ රුපවාහිනිය මගින් ප්‍රචාරය කිරීමට විශේෂ ප්‍රමිතියක් සහිතව පරිගණක  ගත කල (Digital Recording) ධර්ම දේශනා වල අඩංගු, මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ විසන් නිරාකරණය කරන ලද දහම ගැටළු කාගේත් සුභ සාදනය සඳහා මෙහි අඩංගු වේ. පහත ඇති link එකෙන් පිවිසි ඒවා ශ්‍රවනය හෝ බාගත කරන්න.

ඔබටත් යම් දහම් ගැටළු ඇත්නම් ඒවා අප වෙත යොමු කර නිරාකරණය කර ගන්න. කාගේත් ප්‍රයෝජනය සහ සුභ සාදනය සඳහා ඒවාද මෙහි පල කෙරේ.

දහම් ගැටළු නිරාකරණය පිටුව වෙත යන්න

අද කාලයේ පරම සත්‍ය ධර්මය පැහැදිලිව නොදක, සිව් පිළිසිඹියා අරිහතුන් දේශනා කරන ධර්මයේද අඩු පාඩු සොයන පිරිස බොහෝය. ඒ අයට අප අනුකම්පා කල යුතුය. ඔවුනට ඇති කම්මාවරණ ඉවත්වී සත්‍ය ධර්මය වැටහේව යයි අප අධිෂ්ටාන කරමු.

siri saddharmaya

නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය ග්‍රන්ථය මෙතනින් බා ගන්න.

නිවන් දැකීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි – ලොකු පොත මෙතනින් බෑ ගත කරන්න.

දහම් මගට පැමිනේන්නාගේ එකම අරමුණ නිබ්බාන වීම විය යුතුයි. එසේ යන ගමනේදී අන් අයට දහම පෙන්වාදීම තමන්ගේ යුතුකමකි. වගකීමකි. මග ගමන් කරනවා මිස වෙන දේවල් පසු පස නොයන්න. පහත ඇති videos බලන්න/අහන්න. 

121 thoughts on “දහම් ගැටළු

  1. Suwamin wahansa apaaya gena budurajanan vahanse deshana kara thibeeda?
    2.3 pirisidu 3pitakaya sinhelata pariwarthanaya kota thibeeda? Eseenum eya labaagannee keseda?theruwan saranai.

    Liked by 1 person

    1. අපාය ගැන බුදුරාජාණන් වහන්සේ දේශනා කර ඇත. සතර අපායකි. නිරය ( මෙය තවත් බෙදී ඇත.), බූත, ප්‍රේත සහ තිරිසන් යන්නයි.

      මනු ලොව
      තිරිසන්
      ප්‍රේත
      බූත
      නිරය යන පිළිවෙලට (පහතට) පිහිටා ඇත.

      සිංහලට පරිවර්තනය කර ඇති ත්‍රිපිටකය නිවැරදිව පරිවර්තනය වී නැත. බුද්‍රජානන් වහන්සේ ධර්මය දේශනා කළ මාඝදී ශබ්ද සංඥා නිවැරදිව පාලි වලින් ලියවී ඇතත් ඒවා සිංහලට පරිවර්තනය වීමේදී පදපරම, වැරදි අර්ථ යෙදී ඇත. උදාහරණයක් ලෙස අනිච්ච අනිත්‍ය ලෙස, අනත්ත අනාත්ම ලෙස, සංඛාර සංස්කාර ලෙස, මජ්ජිමා පටිපදාව මැද මාවත ලෙස. මේ නිසා නිබ්බාන මග වැසී ගියහ.

      Like

      1. දේවදුත සුත්‍රයේ සඳහන් අපාය තුල යම රජෙක් සහ නිරය පාලයන් ගැන සඳහන්..ඒ ගැන පැහැදිලිකිරිමක් කරන්න

        Like

      2. එවැනි තනතුර කතන්දර වල හද්ද ගත්ත දේවල් ය.එසේ හිටියත් අපට ඇති පලය කුමක්ද? දිවය ලෝකේ රජ උනත්, අපායේ රජ උනත් නිවනක් නැත. දිගින් දිගටම සංසාරයේ ගමන් කරයි.

        Like

      1. ප්‍රිය මනාප හෝ අප්‍රිය අමනාප ශබ්දයකට ඇලෙන ගැටෙන එක ආන පාන කරන්නේ කොහොමද? පහදා දෙන්න.

        Like

  2. ගිරිමානන්ද සුත්‍රයෙහි අඩංගු දස ස0ංයා සරල සින්හල බසින් දැන ගත හැකිද ?

    Liked by 1 person

    1. අනිච්චසඥා
      අනත්තසඥා
      අසුභාසඥා
      ආදීනවසඥා
      පහානසඥා
      විරාගසඥා
      නිරෝධසඥා
      සබ්බලෝකේඅනභිරතසඥා
      සබ්බසංඛාරේසුඅනිච්චසඥා
      ආනාපානස්සති

      ඉහත දක්වා ඇති දස සඥා ගැන විග්‍රහය පහත ඇති link එකට ගොස් බාගත කරන්න නැත්නම් ශ්‍රවනය කරන්න.

      ගිරිමානන්ද සූත්‍රය

      Like

      1. පෙර කරන ලද කර්ම මෙම ආත්මයේදි වලක්වා ගනනේ කෙසේද

        Like

  3. විඤ්ඤානය පහල වන්නේ ප්‍රසාද වලයි
    ප්‍රසාද වලට යන ස්නායු අක්‍රිය වුවහොත්
    විඤ්ඤානය පහල විම නැති වෙනවා මොලය ක්‍රියාකාරිත්ය නැති වු විට විඤ්ඤානය පහල වෙන් නැ(ස්නායුත් ඇනහිටින නිසා)
    ශ්වසනය නොමැති විට හෘදය නවතිනවා එවිය මොලය ක්‍රියානොකරනවා මෙයම අනිත් පැත්තටත් වෙනවා නේද මොලය අක්‍රිය වු විට සියල්ල නවතිනවා
    මෙහෙම යනකොට හිතෙනවා සියල්ල සිදුවන්නේ මොලයෙන් කියා

    සිත කියා දෙයක් නැත කිය සිතෙනවා
    මෙම මමත්වය මා නැති කරගන්නේ කොහොමද ?

    Like

    1. ඔබගේ ඉහත පැනයට පිළිතුර පහත ලින්ක් එකෙන් ශ්‍රවනය කරන්න.

      Like

  4. සිත හා කය වෙන්කර දකින්නේ කෙසෙද?
    මෙහිදි ශරීරයෙහි නොදැනුවත්ව වන ක්‍රියා එනම් අනිච්ඡානුග ක්‍රියා හර්ද ස්පන්දනය,ශ්වසනය,බියවු විට දහඩිය දැමීම සිදුවන්නේ සිතෙහි අනුදැනුමකින් තොරවද?
    තවද අප යමක් ආහාරය පිණිස ගත් විට එහි රසය හදුනාගන්නේ දිවෙහි පවතින ජිව්හා විඤ්ඤානයද නැතහොත් මොලයෙන්ද ? මොලයත් ස්නායු පද්ධතියත් සිතත් අතර සබදතාවයක් පවතිද?

    Like

  5. Uththarayak ona.samaawa genimath mee aakaarayata eyath yam aakaaraya yedeemak neda.apa kala dewal newath ee aakaarayata niweradi karagatha hekida? eseenum minisun veradi kara saamaawa genimen thaman kala ayahapath dein gelaviya hekida.tharkayak nowa maage hithe athiuu sekayaki.theruwan saranai.

    Like

    1. ihatha prashnayata riju pilithura samawa kiyna dey thulin paw sama wenawa kiyala koi agamaka kohoma qwath oba yam chethana sithin thidorin yamak karanam ehi prathipala A kala kriyawata saapekshawa parisan denawa karmaya hamuwe samawa kyla deyk na

      Like

      1. සමාව ගැනීමෙන් සහ පින් දීමෙන් තමන්ගේ ණය වලින් මිදීමට හැකි බව තිරෝකුඩ්ඩ සූත්‍රය කියවීමෙන් ඔබට පැහදිලි කර ගත හැක.
        “කායෙන වාචා චිත්තේන” ගාතාවෙන්ද එය පැහැදිලි වේ.
        නයෙන් සම්පූර්ණයෙන් මිදීමට නොහැකි අවස්ථා ද ඇත. අන්තඅන්රික පාප කාර්ම එවැනි ඒවාය. සමාව ගෙන පින්ඒ දීමෙන් තමන්ගේ සිත තාවකාලිකව රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන නිසා ඒ අවස්ථාවේ වැරැද්ද පිළිගෙන පින් දී නය ගනු දෙනුව තුනී කර ගත හැක. සුළු ඒවා සම්පූර්ණයෙන් ගෙවා දැමිය හැක. සියල්ල සිදුවන්නේ කර්මයෙන් නොව හේතුපල දහම අනුවයි. සමාව ගෙන පින් දීම එය තුල සිදු වන ක්‍රියාවලියකි.

        Like

    2. සමාව ගැනීම යැදීමක් නොවේ. සම්මව ගැනීමෙන් තමාගේ සිත තුල ඇති රාග, ද්වේශ, මෝහ සිතුවිලි තාවකාලිකව යටපත්වී, තුනී වන නිසා පින් දීමට සුදුසු කමක් ඇතිවේ. සමාව ගැනීමට තමා වැරැද්ද පිළිගත යුතු වේ. වැරැද්ද පිළිගත් කෙනාට නිවැරදි වීමට පහසු වේ. වැරැද්ද සිදු වූ කෙනා ජීවතුන් අතර නැත්නම් පින් දී නයෙන් නිදහස් විය හැක. කොපමණ පින් දිය යුතුද යන්න නොසිතන්න. පින් දෙනවා යනු ඇත හැරීමකි. තමන් සතු වටිනා වස්තුවක් අන් අයට දීමකි. සමාව ගෙන පින් දීමෙන් සියලු කාර්ම විපාක අඩු කර හෝ ගෙවා අවසන් කර ගත හැක. එහෙත් නිතර නිතර වැරදි කර කර සැමදා සමාව ගෙන පින් දීම සුදු රෙද්දක් සෝද සෝදා මඩේ දමා ගනාව වැනිය.

      සුවපත් වේවා.

      Like

      1. සමාජයේ වැරදි කරන්නවුන් බොහො පිරිසක් සියයට අනූවක්ම තමන් කරන්නේ වැරුදි වැඩක් යයි දනී.. ඔවුන් එය සමාජයට වසන් වී හොරෙන් සිදු කරන්නේ අන්න ඒ නිසාය…සමාජයට විවෘතව වැරුද්දක් කරන කෙනා බොහො වෙලාවට එසේ කරන්නේ එය වරුද්දක් ලෙස නොපෙනෙන නිසායි…ගැටලුව නම් කර්ම විපාක සදහා තමා කරන වැරදි වලට සමාව ගෙන පින් දී රාග ද්වේශ මෝහ තාවකාලිකව පහ කිරීම තුල ඔහු ධර්මාන්විත පුද්ගලයෙකු වන්නේ කෙසේද..මක්නිසාද ඔහු කරන්නේ වැරුද්දක් බව දැන දැනම විටින් විට සමාව දී පින් දීමේ ක්‍රියාවලිය සිදු කරමින් කරන්නේ ඉස්ලාම් භක්තිකයින් මෙන් සිකුරාදා දිනට පල්ලියට ගොස් පව් කමා කර නැවත සුපුරැදු පාපකාරි ක්‍රියාවන් සිදුකිරීම වැනි පිලිවෙතක් නේද…සෝද සෝදා මඩේ දැමීමක් වැනි දේයක් නේද…එසේ නම් ලැබුවා මේ මිනිස් දිවිය තුල ඔහු කෙදිනකවත් එම වැරුද්දෙන් අත් මිදෙන්නට නොසිතයි..මේ පිළිබද පහදා දෙන්න තව දුරටත්

        Like

  6. මස් මා0ශ ආහාර වලින් වැලකුනත්,යම් අවස්තා වලදි ගිහි ජිවිතයෙදි ගෘහණිය හට එවැනි ආහර පිලියම් කිරිමට සිදු වනවා ඇත.එසෙ සිදුවන විට ඇයට දර්ම මාර්ගයේ බදාවක්ද? එයට පිලියම් තිබෙද?

    Like

    1. චේතනාහන් භික්කවේ කම්මං වදාමි යන්නෙන් බුදු රජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කලේ චේතනාව සියලූ දේට මුල් වන වගයි. ඔබගේ එදිනෙදා ජීවන ක්‍රියාවලියට කාම පිසීම වැනි කරුණු වලදී මස් මාංශ උයා පිහා දුන්නාට ඔබ සතෙක් මරන්නට, මස් රස බැලීමට ආසාවක් නැත්නම් ඔබට පවක් සිදු වන්නේ නැත . මස් කන අයට ඔවුන් එසේ කිරීමෙන් ණය වෙන බව කියා දීමට පුළුවන් නම් එය කරන්න. සියලු සතුන්ට පින් අනුමෝදන් කරන්න.

      Like

  7. Need to advice some one who is frustrated and need to show the correct path of the life without wasting the precious human life which is very hard to have. Due to the bad experience nothing is believed not willing to listen. How can we help. I apologize if I am asking wrong question

    Like

    1. frustration sets in when one feels unable to cope with a situation where one cannot do anything to resolve it. Most often the sadness, anger or frustration is due to a loss. You can loose ONLY what you think is yours. If you understand that there is nothing that is actually yours but everything is only for temporary use or association this anger, sadness and frustration can be overcome. One must be ready to LET GO instead of clinging. If this advice is not sufficient you can always send me an email and I will give you a number to call. Spoken words have more power than written ones.
      Suwpath wewa. May you be well.

      Like

  8. අරහතන් වහන්සේ නමක්,ගිහි බවයෙ සිටියදි දින 7 න් පිරිනිවන් පන්නෙ ආහර දිරවිම හෙතු කරගෙන නම්
    ගිහිව සිටිය දී එම ආහාර දිරවන්නේ නැතිනමි, පැවිදි වූ පසු දිරවීම අතර සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරදෙන්න .තෙරැවන් සරණයි

    Like

    1. Arihathun wahansa,
      Dharmayata anuwa daruwan labeema sansara naya ganu denuwa anuwa naya gewa damimata sidu weemaki. Daruwan nathi ayata daruwan laba ganimata uthsaha gaththath naya nomathi nam gabsawak wee ho ema kalalaya iwath wenawa yai oba wahanse deshana karanu asa atha. Ese nam NAYA nathi nisa ema yuwalata ikmanin marga pala labiya hakida?

      Esema vivahayak sidu kara ganima yanu nawaththath sansaraye naya ganu denuwakata pataleemakda, nadda yanna karunawen pahada denna.

      Like

      1. දරුවන ඇති වීම එක ණය ගනු දෙනුවක් පමණි. විවාහ වීමත් ණය ගනු දෙනුවකි. ගෙදර සිටින සතුන්ට, නෑදැයින්ට =, යහළුවන්ට සහ තවත් ඉතා විසාල ණය ගැනු දෙනු රාශියක අවසන් වී නැති නිසා නැවත ඉපදී ඇත. ණය ගනුදෙනු සියල්ල අවසාන නම අරිහත් වී පිරිනිවන් පණු ඇත.

        Like

  9. දර්ම මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයකුට කුමන හො බලවෙගයක් උදව් කර හැකි ද? මෙහිදී මා අදහස් කරන ලද්දේ උදව් ලබා ගැනීම නොවේ .උදව් ඉබේම ලැබෙන බවකි ….

    Like

    1. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට පමණක් නොව ඕනෑම කෙනෙකුට හේතුපල දහම ක්‍රියා කරයි. සමහ අවස්තාවලදී මේ ක්‍රියා කාරිත්වය බාහිර බල වේගයක් තමන්ට උදව්වක් කරනවා සේ දිස් විය හැක. යැදීම් පැතීම් වලින් තමන්ගේම විඥාන සතිය ප්‍රබල වී ලෝක වර්දන කටයුතු ඉටු වීමද වෙනත් බලවේගයකින් උදවු ලැබෙන ලෙස දිස්විය හැක. බූතයන් වැනි ජීවීන්ගෙන් උදව් ඉල්ලා ලබා ගැනීමෙන්, ණය වේ. නය ගෙවිය යුතු වේ.

      Like

  10. This is really a good act. My English is not enough to comment. Niyama uthum wedak…Ithru tika ape athe… Sadu Sadu Sadu

    Like

  11. Sambudu Dahama soyana ma hata asta Darmaya gana Pahadee kadulu inuwa awastha keepayak thibey Garu Rerukane Hamuduruwange Chathuraraya Sathya,Paticcha Samupadaya,saha Milinda Parshnaya(Milindu Nagasena Sanwadaya)poth e atthara atha hithata wadaath Danunu Darma Karana Obawahansege Deshana walin mage neth peguna wara bohomay
    Mee Palane Samiduniy “Durmatha paraya nirmala Budu Bana desana oba wahanse Melaka pahala una sabama Araya Puthtrayey”

    Like

  12. මිනිසත් බවකදී සෝවාන් ආදී මගඵල ලබා පසුව දෙවියන් හෝ බ්‍රහ්මයෙකුව වූවන් ඒ ලොවෙහිදීම නිවන් අවබෝධ කරගනීද?

    Like

    1. මනුෂ්‍ය ජාතියේදී සෝතාපන්න වුනු කෙනෙක් බ්‍රහ්ම ලෝකයේ නූපදී. උපදින්නේ දේව සහ මනුෂ්‍ය ලෝක වල පමණි. දේව ලෝකයේ නම්, මනුෂ්‍ය සෝත ඉන්ද්‍රියයක් මවා ගෙන බණ අසා මග පල පූර්ණ කර ගත හැක.
      දහම් ගැටළු වල 41 අහන්න.

      Like

      1. දහම් ගැටලු 06 හි කර්ම පථය හා කර්මය දෙකක් ලෙස විග්‍රහ වෙයි. එය හොඳින් පැහැදිලියි. ඒ අනුව කර්ම පථයෙන් නිදහස්වන ආකාරය ත්, කර්මයෙන් කිසිසේත් නිදහස් විය නොහැකි බවත් විග්‍රහ වෙයි. නමුත් සමහර දේශනා වල කර්මය ඛ්‍යය කලහැකි බව පෙන්වා දෙයි. මෙය වචන භාවිතයේදී ඇතිවූ ගැටලුවක් දැයි පහදා දෙන්න.

        Like

  13. අවසරයි ස්වාමීන්වහන්ස​,
    සමාධි භාවනාවත්, සිත දියුණුව සඳහා වන භාවනාවත් අතර වෙනස දනිමි. එම භාවනා වල අර්ථයද දනිමි. එනමුත් මා හට පැවරී ඇති ලෞකික වගකීම් හා කාර්‍යබහුල ජීවන රටාව සමග සමාධිය වඩීමට ගත් වෑයම අසාර්ථක වුන වාර බොහොමය​. එබැවින් සන්සඳනාත්මකව ලෞකික ධ්‍යන වැඩීම පහසු නිසාත් සමාධියට පෙර පුහුණුවක් වීම සඳහාත් එම භාවනා ක්‍රම කෙටියෙන් වදාරනු මැනවි.

    Like

    1. අප ස්වාමින් වහන්සේ අරිය මග මිස අනරිය මග කිසි විටක වදාරන්නේ නැත. භාවනා වැඩසටහනට පැමිණ බුද්ධ සති භාවනාව ඉගෙන ගන්න.

      Like

  14. කර්මයක කපා දැමිය හැකි කොටසක් සහ ගෙවා වැය කල යුතු කොටසක් ඇත. උදාහරණයක් ලෙස අංගුලිමාල අරිහතුන් වහන්සේ ජීවත්ව සිටින තුරු කෙලෙස් මුල් සියල්ල සිඳ දමා තිබු නිසා මතු උපත් නැති විය. තමා කල කර්ම වල ගෙවා අවසන් කල යුතු කොටස් පාමනක් ජීවත්ව සිටින කල ගෙවා දැමීය.

    Like

  15. Is there any English versions of ven thero’s dhamma deshana?.
    I would like my children to listen to maha rahulovada sutra explained
    by thero. But it has to be in English.
    My other question is where can we access those books thero referring in bhava programs?
    Theruwan saranai

    Like

    1. Hi Shalini! Right now there are no translations of thero’s sermons for the simple reason that there are NO proper words in English to fully and completely translate the Buddha Dhamma. The main reason that the Buddha Dhamma branched of into the Buddhist religion is due to the Buddha Dhamma being translated into many languages by lay people who had NO INSIGHT into the Dhamma. This is what is happening all around us even now. There are some priests who are trying to explain the dhamma thru quantum physics not seeing the simple fact that quantum physics on the most part, is based on theory and observation and observation is done thru our very limited senses using equipment created thru the workings of a mundane mind with the knowledge accumulated thru the 5 senses which gives us an illusionary interpretation of the universe! ! The only way to understand the Dhamma is thru Maghadi and Sinhala.

      Like

    1. සිතට එන සිතුවිලි දැක ඒවා හඳුනාගෙන එම සිතුවිලි ආශ්‍රය කලයුතු නම් ආශ්‍රය කර, ආශ්‍රය නොකල යුතු නම් ආශ්‍රය නොකර ප්‍රහාණය කල යුතුය. මෙය ආර්ය ආනපාන සති සමාධි භාවනාවයි. සිතට එන සියලුම සිතුවිලි අතහැරීමෙන් සිත හිස්වේ. මෙය අනාර්ය භාවනාවකි. වැඩි විස්තර අවශ්‍ය නම් පහත link එකට පිවිස එක වැඩසටහනක් අහන්න. එම වැඩසටහනකට සහභාගී උනොත් ඊට වඩා හොඳයි.

      Like

  16. swamin wahansa, dhamma uddhachcha viggahitha manasan kramaya manakota pahadili karadena men illa sitimi. ehidee anichcha, dukka, anattha menihi kara ekawara manaya udura dameema kala hakida ?

    Like

    1. මග පල ලැබීමට අවශ්‍ය කරුණු සතරින් එක කරුණක් නම් පුබ්බෙත කත පුන්යතා ශක්තියයි. යම් කෙනෙක්ට එය ඇත්නම් ධර්මය වෙත ඇදී එයි. මෙකල අරිහතුන් නමක් මේ පින් බිමේ වැඩ විසුවත් උන්වහන්සේගෙන් දහම ගත්තේ කී දෙනාද? උන්වහන්සේගෙන් බන ඇසුවත් මග පල ලබන්නට නම්, “පතිරූප දේස වාසෝච, පුබ්බෙත කත පුන්යත, අත්ත සංමා පනිධීච, අරිය සච්චාන දස්සනං” විය යුතුයි.

      Like

      1. මග පල ලැබීමට අවශ්‍ය කරුණු සතරින් එක කරුණක් නම් පුබ්බෙත කත පුන්යතා ශක්තියයි. යම් කෙනෙක්ට එය ඇත්නම් ධර්මය වෙත ඇදී එයි. මෙකල අරිහතුන් නමක් මේ පින් බිමේ වැඩ විසුවත් උන්වහන්සේගෙන් දහම ගත්තේ කී දෙනාද? උන්වහන්සේගෙන් බන ඇසුවත් මග පල ලබන්නට නම්, “පතිරූප දේස වාසෝච, පුබ්බෙත කත පුන්යත, අත්ත සංමා පනිධීච, අරිය සච්චාන දස්සනං” විය යුතුයි.

        Like

    1. භාවනා වැඩසටහනකට පැමිණ මේ සියලු ප්‍රශ්න විසඳගන්න. 0713652948 අමතන්න.

      Like

    1. සුරතල් සතුන් ඇති කිරීම පවක් වෙයි උන්ව හරියට බලා ගත්තෙ නැත්නම්. හැබැයි ටැංකි වල දාල මාළු ඇති කරන්න එපා. බල්ලෝ බළල්ලු වගේ සතුන් හිර කර ගැට ගසා තබා ගන්න එපා.

      Like

  17. භාවනා වට සහභාගි වී ඉතා
    මැනවින් අවබෝධ කරගත් අයෙක් නැවතත් සම්මත අගමේ ආකාරයටම හැඩගැසීම පේර කල කර්ම නිසා සිදු වණ දෙයක්ද?

    Like

  18. ” මනුස්සත්ත පටිලාභෝ පරම දුල්ලබෝ”

    Why then world population get increase?

    Like

    1. You are able to see the population increase. Do you see the increase in the animal world? What about the pretha loka, deva loka and brahma loka? Do you have any insight into these worlds and their population? These are useless questions for which the answers will not help you on the path to Nibbana or on any other path.

      Like

  19. මාගදී ශබ්ද නීති ප්‍රකරනය අන්තර්ජාලයට දාලා තිබෙනවද? නැතිනම් ලබාගැනීමට ක්‍රමයක් තිබෙනවාද?

    Like

  20. ගෝතම බුදුන් වැඩසිටි දඹදිව පොතෙහි පෙරවදනෙහි “2012 කල්ප විනාශය සමඟ ම…” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? පහදා දෙන්න…

    Like

    1. සත්‍ය හෙළ ඉතිහාසය මතු කිරීමෙන් පසු සං කල්ප, උපකල්ප සියල්ල බිඳුණා. එ බිඳිල්ල කොපමන ප්‍රබල ද යත් තවමත් සත්‍ය පිළිගැනීමට බැරිව බොහෝ අය කලබල වෙලා සිටිනවා.

      Like

  21. “සං” යන පදයේ තේරුම “එකතු කර ගන්නවා” ද? රාග ද්වේශ මෝහ ද? පහදා දෙන්න.

    බොහොම ස්තූතියි.
    ඔබට උතුම් නිවන අවබෝධ වේවා…!

    Like

  22. “පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය” පොත – pdf තියෙනවද?

    Like

      1. අරිහතුන් වහන්සේ විසින් රචිත ඒවා මම කියවමින් ඉන්නෙ.
        බොහොම ස්තූතියි.
        ඔබට උතුම් නිවන අවබෝධ වේවා…!

        Like

  23. කරුනාකර රහත්, අරහත් යන පද දෙකේ අරුත පහදා දෙනු මැනවි.. ස්තුතියි ..

    Like

    1. රහත් යන පදය ත්‍රිපිටකයේ සඳහන් නොවේ. එහි ඇත්තේ අරිහත් යන පදයයි. අරිහත් යනු රිය ගමන අත හැරිය යන අර්ථයයි.

      Like

  24. බුදුන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව මනෝමය කාය ලෝක විනාශය දක්වා පවතිනවාද? ඉන් පසුව සිදු වන්නේ කුමක්දැයි පහදා දෙන්න.

    බොහොම ස්තූතියි.
    ඔබට උතුම් නිවන අවබෝධ වේවා…!

    Like

    1. අක්‍රීය ශක්තියක් ලෙස මද්‍ය මණ්ඩලයේ එකතු වී, විශ්වය නැවත විනාස වන දින අහෝසි වේ.

      Like

    1. මුලාවීම ඇතිවන්නේ රාග අඳුර, ද්වේශ අඳුර, සහ මෝහ අඳුර නිසාය. වැරදි මාන්නය ඇතිවන්නේ ද මෝහය නිසාය. මාන්නය යනු මැනීමයි. මාන්නය වැරදි හෝ නිවැරදි විය හැක. නිවැරදි මැනීම යනු හේතුපල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බැලීමයි.

      Like

    2. මෝහය යනු නිවැරදිව නොදැකීමයි. මානය මනින්න අවශ්‍ය දෙයකි වැරදි හෝ නිවැරදි මැනීමක් විය හැක.

      Like

  25. පින කියන්නේ මොකක්ද ? පව කියන්නේ මොකක්ද ? පහදා දෙන්න.

    Like

  26. සොබා දහමට, අන් අයට යහපත පිණිස කරන කියන සිතන දේ වලින් එකතු වන පිරිසිදු ශක්තිය – පින.
    සොබා දහමට, අන් අයට අයහපත පිණිස කරන කියන සිතන දේ වලින් එකතු වන අපිරිසිදු ශක්තිය – පව.

    Like

    1. පවක හෝ පිනක පල වළක්වලීමට බුදු හාමුදුරුවන්ටවත් නොහැක. ඔබගේ පව සමාව ගෙන, පින් දී අහෝසි හෝ අඩු කර ගත හැක. ආනන්තරික පාප කර්මයක් නම් සසර අවසන් වන තුරු ගෙවන්නටම සිදු වේ.

      Like

  27. සුවපත් වේවා🙏

    සිතට රාග, ද්වේශ, මෝහ සිතුවිල්ලක් පැමිණි විට, එය දැකගත් විටම ඉබේටම ගැඹුරු හුස්මක් ගෙන එය නිදහස් වීම සිදුවේ, ඒ සමගම එම අරමුණද අත් හැරීමක් සිදුවේ.
    මෙම තත්වය කුමක් දැයි පහදා දෙන්න.

    Like

    1. එක එක අය තම තමන් මාර්ගයේ හැසිරෙන, මග වඩන, ක්‍රම රාශියකි. මෙය ඉන් එකකි.

      Like

    1. මස් මාංශ ආහාරයට ගැනීමෙන් නය ගනු දෙනුවකට පැටලේ. සතුන් මැරෙන්නේ මිනිස්සු මිලදී ගෙන ආහාරයට ගන්න නිසාය. මිනිස්සු මස් කෑම නවතුවහොත් මස් මැරීම නවතිනවා නේද? එහෙයින් ම කන කෙනා සතා මැරීමට වක්‍රව සම්බන්ද වේ. යම් පවක් සිදු වේ.

      Like

  28. Budun wahansege guna sithun menihi kereema saha budda wandanawe yahapath prathiwipaka monawada yanna pahada denna ?
    Budusaranai

    Like

    1. බුදුන් වහන්සේගේ ගුණ යන්නෙන් අදහස් කරන්නේ මොනවාද? බුද්ධ වන්දනාව රාගයෙන්, ද්වේශයෙන් මෝහයෙන් තොරව කලොත් පින් සුද වේ. නිවන් දැකීමට නම් බැරි වේ.

      Like

  29. නකුල පියා සෝතාපන්න වූ පසුවත් තම බිරිඳව සංසාරය පුරා හමුවීමට උපාදානය කරගෙන සිටියදී බුදුරජාණන් වහන්සේ එය වැළැක්වූයේ නැත්තේ ඇයි?

    Like

    1. බුදු රාජන වහන්සේ දහම ලෝකයාට දේශනා කළා පමණකි. කිසිම කෙනෙකුටු මාර්ගයේ යන ආකාරය ගැන බල කිරීමක් කලේ නැත. මග පල පූර්ණය කර නිබ්බාන වීම තනියම කරන දෙයකි. සෝතාපන්න කෙනා කිසිම දිනක අපා ගත වෙන්නේ නැත. සෝතාපන්න කෙනා නියතවම යම් දිනක නිබ්බාන වේ. එක තමන් කර ගන්න දෙයකි. බුදු දහමේ තියෙන නිදහස කොපමණද?

      Like

      1. තම බිරිඳව සංසාරය පුරා හමුවීම වැනි උපාදානයන් සෝතාපන්න වූ කෙනෙක් තුළ තිබිය හැකිද?

        Liked by 1 person

  30. සෝතාපන්න වීමෙන් සිදු වන්නේ සතර අපායෙන් මිදීම පමණයි. සක්කාය දිට්ටිය, විචිකිච්චා, සීලබ්බතපරාමාස පමණක් ඉවත් වෙනවා. ඉතිරි සියලු දේවල තිබෙනවා. අන්අන්තරික පාප කර්මයක් හැරෙන්න අනික් සියලු පවු කරන්න පුළුවන්.

    Like

  31. සෝතාපන්න වූ කෙනෙක් ගුරුවරයෙක් නැතිව අරිහත් මාර්ගය වඩන්නේ කෙසේද?

    Like

  32. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ආනන්ද තෙරණුවන් ඇසුවා, “ඔබ වහන්සේ පිරිනිවන් පෑවාට පසු ගුරු ලෙස ගන්නේ කවුරුන්ද?”, කියා. එවිට බුදු රදුන් පැවසුවේ ධර්මය ගුරුවරයා බවයි. ගුරුවරයා දහමයි.

    Like

  33. සෝතාපන්න වුවද ඉතිරි මාර්ගඵල වලට අදාල මාර්ගය නොවඩන කෙනෙකුගෙන් ධර්මය අසා පරතෝඝෝෂක ප්‍රත්‍යය ලබාගත හැකිද?

    Like

  34. පතිරූපදේසයක අංගවිකල නොවී උපත ලබා ඛණ සම්පත්තිය ලැබූ බොහෝ දෙනා අතීතයේ වූ ආනන්තරිය පාපකර්ම සියල්ල ගෙවා අවසන් කළ අයද?මුගලන් මහරහතන් වහන්සේ,බිම්බිසාර රජතුමා වැනි අයව ධර්මය විසින් රැකගත්තේ නැත්තේ ඇයි?

    Like

  35. විචිකිච්ඡා සංයෝජනය ඉවත්වීමෙන් විඤ්ඤානයට සිදුවන්නේ කුමක්ද?

    Like

    1. දස සංයෝජන ඉවත් වන සෑම විටම විඥානය පිරිසිදු වී ප්‍රඥාව වර්දනය වේ. අවසානයටම අවිද්‍යාව දුරු වීමේදී ප්‍රඥාව පූර්ණය වේ. විඥානය පිරිසිදු චිත්තය් වේ.

      Liked by 1 person

  36. චේතෝ විමුක්තිය නොලැබූ සෝතාපන්න මාර්ගඵල ලාභියෙකුට නැවත උපත ලැබිය හැක්කේ මිනිස් ලොව පමණද?

    Like

Leave a comment